ඔබගේ පරවි දුපත සංචාරය Pigeon Island Tours වෙතින් වෙන්කරවා ගැනීමෙන් පසු, අපගේ නිලාවෙිලි පිහිටි ඩයිවිං සෙන්ටර් එකට පැමිණීම ඉතා පහසුය.
ඔබට පහසුවට Google Maps Location Link එක ක්ලික් කර අපගේ නිවේශන ස්ථානයට මාර්ගය ලබාගත හැක.
කොළඹ සිට පැමිණෙන විට, හබරණ – කන්තලේ – පාලම්පතාරු – සර්ධාපුර මාර්ගය හරහා නිලාවෙිලි කෙටි මාර්ගය භාවිතා කළ හැක.
නැතහොත්, ත්‍රිකුණාමලය නගරයට පැමිණ උප්පුවෙිලි මාර්ගයෙන් නිලාවෙිලියට පැමිණ,
“පරවි දුපත බී ප්‍රවේශපත් කවුළුව” ලෙස සදහන් කර ඇති නාමපුවරුව නිලාවෙිලි පොදු වෙරළ තීරයට යන අතුරු මාර්ගය පසුකර ප්‍රධාන මාර්ගය මීටර් 15ක දුරක් ඉදිරියට ගමන් කර 16KM කණුව අසල නවතා
(චතුරංග 0772973882 / නිමාලි 0740207335) අමතන්න.
නැති නම්, 16කණුව අසල දකුණු පසින් පිහිටි නිලාවෙිලි ආයුර්වේද රෝහල සහ ස්ලාමි (මුස්ලිම් පල්ලිය) අතරින් ඇති අසල අතුරු මාර්ගයට හැරෙන්න.
සේරුවිල, මඩකලපුව, අනුරාධපුර හෝ හබරණ දිසාවෙන් පැමිණෙන විට, 16කණුව අසල දකුණු පසින් පිහිටි නිලාවෙිලි ආයුර්වේද රෝහල අසල අතුරු මාර්ගයට දකුණු පසින් පිහිටා ඇත.
පුල්මුඩේ, කුච්චවෙිලි හෝ එරක්කන්ඩි දෙසින් පැමිණෙන විට එම අතුරු මාර්ගය වම් පසින් පිහිටා ඇත.
එම අතුරු මාර්ගය දිගේ මීටර් 600ක් ඉදිරියට ගමන් කර LAXUME GUEST HOUSE අසල නතර කරන්න.
පසුව අපගේ ඩයිවිං සෙන්ටරයට පැමිණ ඔබගේ ස්නොකලිං උපකරණ පරික්ෂා කර,
ඔබට සුදුසු ජීවිතාරක්ෂක ජැකට් ලබාදීම, ගෙවීම් සහ අනෙකුත් සියලු කටයුතු අපගේ කාර්යාලයේදී සිදු කරනු ලැබේ. අපගේ කාර්යාලයේදී ඔබට ඇදුම් මාරු කිරීමට සහ පිරිසිදු ටොයිලට් පහසුකම්ද සපයා ඇත.
අපි වෙනත් පරවි දුපත සංචාරක ප්‍රවාහන සේවා සපයන්නන් මෙන් වෙරළේ බෝට්ටු මත උපකරණ තබා දෙන සේවාවක් නොව,
ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ අපගේ ස්නොකලිං උපකරණ වල පිරිසිදු බවට අගය දෙන ආයතනයක් ලෙස
සුරක්ෂිත හා පිරිසිදු උපකරණ ලබා දෙනු ලබයි.
එබැවින් අපගේ ඩයිවිං සෙන්ටර් වෙත පැමිණීම අනිවාර්ය වේ.
උපකරණ පරික්ෂාවේන් අනතුරුව ඔබගේ හැදුනුම්පත් ද රැගෙන ඔබ පැමිණෙන වාහනයෙන්ම නිලාවෙිලි වෙරළට ගොස්
ඔබගේ වාහනය (සැයු පෞද්ගලික රථගාලක) නතර කළ හැක (එය ගාස්තු සහිතය – මෙම රථගාල් වල පිරිසිදු වතුර නෑම සදහා පහසුකම් ද ඇත).
පසුව වෙරළ තීරයේ පිහිටි පරවි දුපත බී කවුන්ටරය වෙත සියලුම දෙනා ගොස් අනන්‍යතාවය තහවුරු කර මුදල් ගෙවා ප්‍රවේශ පත් ලබාගෙන,
එම ස්ථානයේ වෙරළතීරයේ නවතා ඇති අපගේ බෝට්ටුව වෙත ගොස් ඔබව සුරක්ෂිතව පරවි දුපත වෙත රැගෙන යනු ලැබේ.
(සියලුම මගින් ජීවිතාරක්ෂක කබා පැලදීම අනිවාර්ය්‍ය වන අතර මෙතැන් සිට ඔබ වන ජීවිත සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවල අධීක්ෂණයට යටත්වන බැවින් පහත සදහන් නීති රෙගුලාසි කියවා තේරුම් ගෙන නීතියට අනුකූලව කටයුතු කරන්න.)