Pigeon Island Tours අප පරවි දුපත ජාතික උද්‍යානය වෙත දේශීය සංචාරකයන් ප්‍රවාහන කරනු ලබන අතර එක් බෝට්ටුවක වරකට ගමන් කලහැකි උපරිම මගීන් සංඛ්‍යාව අත දරුවන් ද ඇතුලත්ව 7 දෙනෙකු පමණක් බව කරුණාවෙන් සළකන්න . බෝට්ටුව ගමන් ආරම්භ කරන්න ස්ථානය සහ කාලය අනුව මිල ගණන් වෙනස්වේ. මිල ගණන් පහත සඳහන් වට්ස්ඇප් +94772973882 අමතන්න 0772973882
ස්නොකලිං කිරිමට අවශ්‍ය උපකරණ කුලියට ගතයුතුය. එම උපකරණ වනුයේ ස්නෝකලය සහිත මාස්ක් රු 500, පිහිනුම් වරල් යුගලය රු 500 ,ජීවිතාරක්ෂක කබා රු 500 මෙම උපකරණ එක් එක් පූද්ගලයන් සදහා වෙන් වෙන් වශයෙන් කුලියට ගැනීම අප නිර්දේශ කරනු ලබන අතර. ඔබ වෙත නිකුත් කරනු ලබන උපකරණ සුරක්ෂිතව නැවත භාර දීම සිදුකල යුතු අතර යම් පලුදු වීමක් , අස්ථානගත වීමක් සිදු වුවහොත් එම උපකරණයට අදාල මුලු මුදල හෝ මුළු මුදලින් අඩක් ගෙවීමට සිදුවනු බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු. එබැවින් ඒවා සුරක්ෂිත කිරිමේ වගකීම ඔබ වෙත පැවරෙන අතර නැවත භාර දීම නිසි අයුරින් සිදු කල යුතුය.ඔබගේ ආරක්ෂාව සහ ස්නොකලීං කිරිමේ පහසුව සහ ස්නොකලීං නීති රීති අනුව ඉහත උපකරණ කාණ්ඩ සියල්ලම අප නිර්දේශ කරන අතර ඔබට අවශ්‍ය පරිදී අවශ්‍ය ප්‍රමාණය ලබා ගත් හැක.
පරවි දූපත ජාතික උද්‍යානයට ඇතුළු වීමට අපේක්ෂා කරන සියලුම දේශීය සංචාරකයින් තම ජාතික හැඳුනුම්පත ,ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය , ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය , නේවාසික වීසා බලපත්‍රය | ද්විත්ව පුරවැසිභාවය සහතිකය වලින් එකක් රැගෙන ඒම අනිවාර්යයෙන් සිදු කල යුතුය, එසේ නොමැතිනම් නම් ඔබහට විදේශ සංචාරකයෙකුට ගෙවිමට සිදුවන ගාස්තුව ගෙවා ජාතික උද්‍යානයට ඇතුළු විමේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදුවන බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු.
ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව පරවි දූපත ජාතික උද්‍යානයට ඇතුලත් විමේ ප්‍රවේශ පත්‍ර ගෙවා ඔබ විසින් මිලදී ගත යූතුය. වයස අවුරුදු 5 අඩු දරුවන් | වයස අවුරුදු 60 වඩා වැඩි වැඩිහිටියන් | ගර්භණී මවුවරුන් | කොන්ද ආශ්රිත රෝග වලින් පෙළෙන පුද්ගලයින් රැගෙන යාම අප නිර්දේශ නොකරන අතර ඔබගේ ස්ව කැමැත්තෙන් රැගෙනයාම සිදු කල හැක
ස්නෝකලිං (දිය මත පිහිනමින් මුහුදු පතුලේ සුන්දරත්වය නැරඹීම) සදහා පිහිනීමේ කුසලතාවය අවශ්‍ය නොවන අතර පිහිනීමට නොහැකි සහ පිහිනීමට හැකි ඔබගේ සහයට ස්නොකලීං කිරිම සදහා ජිවිතාරක්ෂක මාර්ගෝපදේශක වරයෙකු අවශ්‍යනම් වෙනම මුදල් ගෙවා එම සේවාව ලබා ගත හැක. ජිවිතාරක්ෂක මාර්ගෝපදේශක ගාස්තුව තීරණය වනුයේ කණ්ඩායමේ සිටින සංඛ්‍යාව අනුව සහ එම ගෙවිමට අදාල ගාස්තුව ජිවිතාරක්ෂකවරයා සමග සාකච්ඡා කර අදාල ගාස්තුව ගෙවීම සිදු කල යුතුය.
පරවි දූපත ජාතික උද්‍යානය ආහාර රැගෙන යාම, සතුන්ට කුරුල්ලන්ට මත්ස්‍යයින්ට කෑම දැමිමේ ප්ලාස්ටික් සහ පොලීතීන් රැගෙන යාම බැහැර කිරිම මත්පැන් පානය කර හෝ මත් පැන් රැගෙන යාම, වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා රැගෙන යාම ක්‍රියාකරවීම , ගිනි අවි රැගෙන යාම , සංගීත භාණ්ඩ සහ ශබ්ද විකාශන යන්ත්‍ර ,කෑගැසීම ගීත ගායනා කිරීම අත්පොලසන් ගැසිම , සුරතල් සතුන්ට රැගෙන යාම ,සර්ෆ් බෝඩ් ඇතුළු සියලූම ක්‍රීඩා උපකරණ රැගෙන යාම ,කසල උද්‍යානය තුලට බැහැර කිරීම තහනම් කර ඇත.කොරල් පරය මත සිට ගැනීම , කොරල් පරය මත ඇවිදීම , කොරල් කැඩීම , සජීවි හෝ අජීවී කොරල් රැගෙන යාමට උත්සාහ කිරිම රැගෙන යාම සන්තකයේ තබාගැනීම ,මසුන් ඇල්ලීම සන්තකයේ තබාගැනීම ඇල්ලීමට උත්සහ කිරිම ,සමුද්‍ර ජීවීන්ට හානි කිරිම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව මාස හයේ සිට වසර දෙකක් දක්වා සිරදඬුවම් හෝ 25000 සිට රුපියල් ලක්ෂ දෙකහමාරකට දක්වා දඩ මුදලක් හෝ ඉහත දඩුවම් දෙකම නියම කල හැකි වරදක් බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු.
Pigeon Island Tours අප පරිසර හිතකාමී සංචාරකයන් පමණක් අප වෙතින් වෙනත් කරවා ගැනීම සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන අතර එය පරවි දූපත ජාතික උද්‍යානයේ මතු සංරක්ෂණය උදෙසා උපකාර වනු ඇත. වෙන්කරවා ගැනීම සදහා කතා කරන්න වට්ස්ඇප් කරන්න +94772973882 චතුරංග